ගැටුමක් කළ හදියක්

ඔක් 07, 2024
    වයඹදිග පකිස්තානයේ ප්‍රදේශ දෙකක සිදු වූ ගැටුම් වලින් පකිස්තාන හමුදා සාමාජිකයන් හයදෙනෙකු මිය ගොස් තිබෙනවා.
    කැරලිකරුවන් 8 දෙනෙකු ද මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
    හමුදාව හා කැරලිකරුවන් අතර කයිබර් පත්තුන්ක්වා සහ වයිරිස්තාන් යන ප්‍රදේශවලදි ගැටුම් ‍හට ගෙන තිබෙනවා.
    මිය ගිය හමුදා සාමාජිකයන් අතර ඉහළ පෙලේ හමුදා නිලධාරියෙකු ද සිටින බව, වාර්තා වනවා.
    පකිස්තානය තුළ ත්‍රස්තවාදී ගැටුම් නිතර පවතින අතර, ඒවා මැඩපැවැත්වීමට පියවර ගන්නා බවයි, හමුදා අන්තර් සේවා මහජන සම්බන්ධතා ඒකකය පවසන්නේ.
    මීට දින කිහිපයකට පෙර විදේශ තානාපතිවරුන් රැගත් රථ පෙළකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් මැඩපැවැත්වීමට හැකි වූ බව, ආරක්ෂක අංශ පවසනවා.

    Latest News