පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ටත් කොවිඩ්

මාර් 20, 2021

    පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.

    එය අගමැතිවරයාගේ කාර්යාලයෙන්ද තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඔහු මේ වන විට සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව පාකිස්තාන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් සුල්තාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කරමින් සදහන් කර තිබේ.

    මේ වනවිට පාකිස්තානයේ දිනපතා කොවිඩ් -19 රෝගීන් වාර්තා වීමේ තියුණු වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තාවේ. කෙසේ නමුත් එරට එන්නත් කිරීමේ ක්‍රියාවලියද සිදු වෙමින් පවතී.

    පාකිස්තානයේ ප්‍රමුඛ පුවත්පතක් වන ඩෝන් වෙබ් අඩවියේ පළ වූ සංඛ්‍යාවන්ට අනුව රට තුළ මේවන විට තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 623,135 කි. මියගිය සංඛ්‍යාව 13,799 කි.

    Latest News