ගංවතුර නිසා ඔස්ට්‍රේලියාවේ හදිසි තත්වයක්

මාර් 20, 2021

    අධික වර්ෂාව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශ සඳහා හදිසි තත්වයක් එරට රජය ප්‍රකාශ කර තිබේ.

    දහස් සංඛ්‍යාත ජනතාව පහත් බිම්වලින් ඉවත් කර ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ. හදිසි ගංවතුර තත්වයක් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබෙන නිව් සවුත් වේල්ස් හි බොහෝ පහත්බිම් මේ වනවිටත් ජලයෙන් යටවී ඇති අතර, එම ප්‍රදේශවල සියලු ජනතාව සිඩ්නි නගරයට උතුරින් පිහිටි ජනතාව එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණ තිබේ.

    ප්‍රධාන මාර්ග කිහිපයක්ම වසා දමා ඇති අතර, නිවාස හා ගොඩනැගිලි සඳහා සිදුව ඇති හානිය තවමත් තක්සේරු කර නොමැති බව වාර්තාවේ.

    Last modified on සෙනසුරාදා, 20 මාර්තු 2021 16:36

    Latest News