ඉම්රාන් ඛාන්ගේ බිරිඳටත් කොරෝනා

මාර් 21, 2021

    පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බුෂ්රා බිබීටන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි, එරට මාධ්‍ය වාර්තා පවසයි.

    අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වුණේ, ඊයේ. ඒ, ඔහු චීනයේ සයිනෝෆාම් එන්නතේ ප්‍රථම මාත්‍රාව ලබාගෙන දින දෙකකට පසුවයි. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරින් පවසන්නේ, කොරෝනා වෛරසයට එරෙහි එන්නත් නිසියාකාරව ක්‍රියාත්මක වීමට නම් නිසි කාලසීමාවට අනුව, නිසි මාත්‍රා ප්‍රමාණයක් ලබාගත යුතු බවයි.

    ඉකුත් පැය 24 තුළ පකිස්තානයෙන් හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,876ක්. එම කාලසීමාවේ දී සිදුවූ මරණ සංඛ්‍යාව 42ක්.

    Latest News