එට්නා යළි විධාරණය වෙයි

පෙබ 17, 2021

    ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද විධාරණය වී තිබේ. ලොව වඩාත් සක්‍රීයතම ගිනි කන්දක් ලෙස සැලකෙන මෙහි විධාරණයක් සිදු වුවද, අවට ජනතාවට කිසිඳු අනතුරක් සිදුව නොමැත.

    ගිනි කන්ද පුපුරා යාමත් සමග ලාවා, අළු සහ දැවැන්ත දුමාරයක් ඉහළට නගින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ. 

    මීටර 3,324ක් උස එට්නා ගිනිකන්ද යුරෝපයේ පිහිටි ලොව උසම ගිනිකන්දක් ලෙසයි, සැලකෙන්නේ.

    ගිනිකන්ද විධාරණය වීමෙන් අවට ප්‍රදේශවලට බලපෑමක් එල්ල නොවූ නිසා ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි, වාර්තා වන්නේ.

    ඒ ආසන්නයේ පිහිටි කැටනියා ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමිණ. ගිනිකන්ද විධාරණය වීමෙන් නිකුත් වූ අළු හා දුමාරය හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා එල්ල විය.

    Last modified on බදාදා, 17 පෙබරවාරි 2021 11:01

    Latest News