මියන්මාර හමුදාව රජයේ නිලධාරීන් දිගින් දිගටම අත්අඩංගුවට ගනී

පෙබ 05, 2021

    මියන්මාර හමුදා පාලනය සිය ග්‍රහනය තවත් දැඩි කර තිබේ. ඒ පැවති රජයේ සිටි ඉහළ පෙළේ නිලධාරීන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීමෙන්.

    මියන්මාර පැවති රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු සහ එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ ප්‍රධානියෙක් වන වින්ග් ටීන් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු දේශද්‍රෝහී චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබ ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. පසුගිය සඳුදා සිදු කෙරුණු හමුදා කුමන්ත්‍රණයෙන් පසු අවුන් සාන් සුකී ඇතුළු ප්‍රධාන පෙළේ නායකයින් රැසක් තවමත් සිටින්‍නේ හමුදා අත්අඩංගුවේ.

    Latest News