පකිස්ථානය COVID-19 එන්නත්කරණය අරඹයි

පෙබ 04, 2021

    පාකිස්ථානය නව කොරොනා වෛරසයට එරෙහි එන්නත්කරණය ආරම්භ කරයි.

    COVID - 19 එන්නත්කරණයේ සමාරම්භක උත්සවය පසුගිය 2 වැනිදා පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබද් නගරයේදී පැවැත්විණ.

    පකිස්ථාන අගමැති Imran Khan මහතාගේ සහභාගිත්වයෙන් පැවති එම උත්සවයේදී පාකිස්ථාන වෛද්‍ය සේවකයෙක් චීන‍ය පරිත්‍යාග කළ එන්නතක් ලබා ගත්තේය.

    චීනයේ එන්නත් සහාය පිළිබඳව පකිස්ථාන අගමැති Imran Khan මහතා කෘතඥතාව ප්‍රකාශ කරමින්, එම එන්නත් මුලින් ම වෛද්‍ය සේවකයන්ට සහ වැඩිහි‍ටි ජන කොටස්වලට ලබා දෙන බව පැවසීය.

    එරටට චීනය විසින් පරිත්‍යාග කරන ලද COVID - 19 එන්නත් පසුගිය 1 වැනිදා නිල වශයෙන් පකිස්ථානයට භාර දුන‍්නේය.

    මෙය චීනය විදේශ රටවලට ලබා දුන් පළමු COVID - 19 එන්නත් සහායි.

    Latest News