ලොව විශාලතම අයිස් පර්වතය කැඩී යයි

ජන 29, 2021

    ඇන්ටාටිකාවේ සිට බිඳී ආ ලොව විශාලතම අයිස් පර්වතය වූ ඒ-28-ඒ අයිස් පර්වතය තවත් කුඩා කොටස් කිහිපයකටම කැඩී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට එම‍ කොටස් දකුණු ජෝර්ජියා ආසන්න ප්‍රදේශයට පාවෙමින් එන බවයි, වාර්තා වන්නේ.

    එම අයිස් පර්වතය,ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 58,00ක් තරම් අති විශාල අයිස් පර්වතයක්. චන්ද්‍රිකා දත්ත මගින් පෙන්නුම් කර ඇත්තේ, එම අයිස් පර්වතය මේ වන විට ප්‍රධාන කොටස් කිහිපයකට හා අනු කොටස් රැසකට බිඳීගොස් ඇති බවයි.

    එය අභ්‍යවකාශයේ සිට නිරීක්ෂණය කරන විට ගොඩබිමක් ආකාරයෙන් පෙනෙන්නට ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Last modified on සිකුරාදා, 29 ජනවාරි 2021 10:23

    Latest News