‘අයිස්’ මත්ද්‍රව්‍ය සමග 06දෙනෙක් අත්අඩංගුවට

අප්‍රේ 12, 2021

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 13ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජා ඇල, නිවන්දම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (11) සිදුකළ මෙහෙයුමකින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

    සැකකරුවන් මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ රඳවා තබා ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    Latest News