‍දේශගුණික සමුළුව නොවැම්බර් මාසයේ

ජන 29, 2021

    ලොව සිදුවන විශාලතම පාරිසරික හා දේශගුණික විපර්යාසවලින් ආරක්ෂාවීම සඳහා ඇති අවසාන හා හොඳම අවස්ථාව මේ වසරේ පැවැත්වෙ එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව බව අමෙරිකානු දේශගුණික නියෝජිත ජෝන් කෙරී පවසයි.

    ඔහු ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පාලනය යටතේ දේශගුණික විපර්යාස සඳහා ක්‍රියා කිරීමට අවස්ථාව වසර ගණනාවකින් අහිමි වූ බවයි.

    මේ වසරේ නොවැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව පැවැත්වීමට නියමිතයි.

    ජෝන් කෙරී මහතා පවසන්නේ, වත්මන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් දේශගුණික විපර්යාසයන් වැළැක්වීම සඳහා වන නියෝග රැසකටම මේ වන විටත් අත්සන් කර ඇති බවයි.

    Last modified on සිකුරාදා, 29 ජනවාරි 2021 10:16

    Latest News