ඩුබායි - ලන්ඩන් ගුවන් මෙහෙයුම් තාවකාලිකව නවතී

ජන 30, 2021

    නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් එක්සත් අරාබී එමීර් රාජ්‍යය සහ බ්‍රිතාන්‍යය අතර සෘජු ගුවන් ගමන් සිදු කිරීම, බ්‍රිතාන්‍යය රජය විසින් තාවකාලිකව තහනම් කර තිබේ.

    ඒ අනුව ලොව වඩාත් කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගය වන ලන්ඩන් සිට ඩුබායි දක්වා වන මාර්ගය අද සිට තාවකාලිකව වසා දැමෙන බවයි බ්‍රිතාන්‍යය රජය නිවේදනය කර ඇත්තේ.

    බුරුන්ඩි සහ රුවන්ඩා රාජ්‍යයන්ට ද බ්‍රිතාන්‍යය විසින් සංචාරක තහනම් පනවනු ලැබූ රටවල් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 30 ජනවාරි 2021 09:53

    Latest News