අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1ක් සමග වේලවීදියේදී දෙදෙනෙක් අත්අඩංගුවට

මාර් 16, 2021

    කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 5ක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් 29 සහ 37 හැවිරිදි වියේ පසුවන, කොළඹ 02 සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

    හෙරොයින් වෙනුවට අයිස් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ ප්‍රවණතාවයක් මේ වනවිට දැකගන්නට ඇති බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

    මීට අමතරව පොතුවිල් පොලීසිය විසින් අක්කර 6ක ගංජා හේනක් වටලා තිබේ. ඊට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News