හිමාලය අයිස් වෙයි

නොවැ 14, 2018

    උතුරු දිග ඉන්දියාවේ හිමාලය ප්‍රදේශයට අධික හිමපතනයක් වාර්තා වනවා.

    පවතින අයහපත් කාලගුණික තත්වය අපේක්ෂිත කාල සීමාවට වඩා ඉක්මනින් සිදුව ඇති බව කාලගුණික විද්‍යා අංශ ප්‍රකාශ කරයි. අධික හිමපතනය සහ ශීත කාලගුණික තත්වය නිසා දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

    අද උදෑසන වන විට ශ්‍රී නගර්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 03 දක්වා පහළ බැස තිබේ. අධික ශීතල හේතුවෙන් බොහෝ පිරිස් තම නිවාසවලින් පිටතට නොපැමිණෙන බව වාර්තා වෙයි.

    හිම පතනය මේ වන විට ජම්මු කාෂ්මීර සහ හිමාලය ප්‍රදේශය ඇතුළු උතුරු දිග ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙමින් පවතී

    Latest News