බ්‍රිතාන්‍යයේ නව වෛරසයට, ඉන්දියාවේ කොවිෂීල්ඩ් එන්නත

ජන 28, 2021

    ඉන්දියාව නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් එන්නත බ්‍රිතාන්‍යයෙන් මතුවූ නව කොරෝනා වෛරස ප්‍රභේදයට එරෙහිව සාර්ථකව ක්‍රියා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය සහ ජාතික වෛරස විද්‍යා ආයතනය කළ අධ්‍යයනයකින් මෙය හෙළි වී ඇති බව එම වාර්තාවල සඳහන්.

    ඉන්දියාවේ සෞඛය හා පවුල් සුබ සාධන අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවලට අනූව ජනවාරි මස 23වැනි දින වන විට 150 දෙනෙකුට නව වෛරස ප්‍රභේදය ආසාදනය වී තිබේ.

    බ්‍රිතාන්‍යයේ හටගත් නව කොරෝනා වෛරස ප්‍රභේදය පෙරට වඩා වේගයෙන් ආසාදනය වීමේ ප්‍රවනතාවක් පෙන්වා තිබේ.

    රට තුළ ආසාදිතයන් වැඩි වීමත් සමග ඉන්දියාව කොවැක්සින් එන්නත පිළිබඳ පර්යේෂණ ආරම්භ ක‍ළේය.

    බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය හා ඇස්ට්‍රාසෙනෙකා ආයතනය නිෂ්පාදනය කළ කොවැක්සින් එන්නත ඉන්දියාවේ සීරම් එන්නත් නිෂ්පාදනාගාර තුළ කොවිෂීල්ඩ් ලෙස නිෂ්පාදනය කෙරේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජනවාරි 2021 11:08

    Latest News