කොවිඩ් ප්‍රතිශක්තී එන්නත්කරණ දිස්ත්‍රික්ක රැසක අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඊයේ එන්නත් මාත්‍රා 22,055ක් ලබා දී තිබේ. මේ දක්වා ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 33 ලක්ෂ 67,220ක්.

'කොවිඩ් - 19' ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ දිනයේ 21,715 දෙනෙකු ලබාගෙන තිබේ.

ඉන්දියාව නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් එන්නත බ්‍රිතාන්‍යයෙන් මතුවූ නව කොරෝනා වෛරස ප්‍රභේදයට එරෙහිව සාර්ථකව ක්‍රියා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Latest News