කොවිෂීල්ඩ් එන්නතේ 2වැනි මාත්‍රාව තවත් 44 දෙනෙක්ට

ජූනි 24, 2021

    කොවිඩ් ප්‍රතිශක්තී එන්නත්කරණ දිස්ත්‍රික්ක රැසක අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඊයේ එන්නත් මාත්‍රා 22,055ක් ලබා දී තිබේ. මේ දක්වා ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 33 ලක්ෂ 67,220ක්.

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 44 දෙනෙකුට ලබා දී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 13,131 දෙනෙකුට ලබා දී ඇති අතර ඊයේ එහි දෙවැනි මාත්‍රාව ලබා ගත් පිරිසට 8,880 දෙනෙකු ඇතුළත්.

    එන්නත්කරණය අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.

    Latest News