WHO; වූහාන් වෙත යැවූ විශේෂඥයන් පර්යේෂණ අරඹයි

ජන 28, 2021

    ලෝක සෞඛ්‍ය සංවිධානය, මධ්‍යම චීනයේ වූහාන් නගරය වෙත යැවූ ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායම අද සිය පර්යේෂණ ආරම්භ කළේය.

     

    ඒ් ඔවුන් දින 14ක් නිරෝදායන ක්‍රියාවලියට යොමු වීමෙන් අනතුරුවයි. කොවිඩ්-19 වසංගතයේ මූලාරම්භය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහා ඉකුත් 14 වැනිදා වූහාන් නගරයට පැමිණි ඒම කණ්ඩායමට රටවල් 10ක ප්‍රවීණයින් 13ක් ඇතුළත්. චීන විශේෂඥයන් පිරිසක් ද ඊට ඒක්ව සිටී.

    මානව සංහතියේ සුරක්ෂිතතාව මෙන්ම, සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට කොරෝනා වෛරස සම්භවය සොයා ගැනීම ඔවුන්ගේ අරමුණයි. ඒම කණ්ඩායම නිරෝදායන කාලසීමාව අතරතුර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පර්යේෂණ පිළිබඳව සැලසුම් කර තිබේ.

    Latest News