'අමෙරිකාව බේරා ගැනීමේ රැලිය' ඇමතීම ට්‍රම්ප් සූදානම්

ජන 06, 2021

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරය පිටත පැවැත්වෙන අමෙරිකාව බේරා ගැනීමේ රැලිය ඇමතීමට සූදානම් වෙයි.

    එරට කොංග්‍රස් මණ්ඩලය පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුමත කිරීමේ තීරණාත්මක කඩඉමක් පවතින අද දිනයේ ජනාධිපතිවරයා මෙම රැලිය ඇමතීමට සූදානම්වීම විශේෂත්වයක්.

    එරට වේලාවෙන් අද පෙරවරු 11.00ට තමන් මෙම රැලිය ඇමතීමට සූදානම් වන බවත්, සමූහ වශයෙන් එම රැලියට සහභාගී වන ලෙසත් ජනාධිපති ට්‍රම්ප් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

    ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් තේරීපත්වීම අනුමත කිරීම සඳහා අද පැවැත්වෙන අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ සැසිවාරයට පෙර මැතිවරණ දූෂණ හෙලා දකිමින් බයිඩ්න්ගේ ජයග්‍රහණ ප්‍රතික්ෂේප කිරීමට ට්‍රම්ප් ආධාරකරුවන් විශාල පිරිසක් අමෙරිකාවේ නගර රැසකට රැස්වෙමින් සිටින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මේ අතර එරට සෙනෙට් සභාවේ බහුතර බලය හිමි කර ගන්නා පක්ෂය තේරීම සඳහා ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද විමසීම ඊයේ පැවැත්විණ.

    Last modified on බදාදා, 06 ජනවාරි 2021 11:00

    Latest News