ලෝක ආර්ථිකය පිළිබඳ ලෝක බැංකුවෙන් ධනාත්මක අපේක්ෂාවක්

ජන 06, 2021

    2021 වසරේ ගෝලීය ආර්ථිකය 4%කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කරයි.

    ලෝක බැංකුව ඊයේ (05) නිකුත් කළ නවතම ගෝලීය ආර්ථික අපේක්ෂා වාර්තාවට අනුව 2021 වසරේ දී සංවර්ධිත ආර්ථිකයන් 3.3%කින් ද වර්ධනය වෙමින් පවතින වෙළඳපොල හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 5%කින් ද ඉහළ යනු ඇත.

    ඒ අතරින් ඇමරිකානු ආර්ථිකය 3.5%කින් ද යුරෝ කලාපයේ ආර්ථිකය 3.6%කින් ද වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    චීනයේ ආර්ථික වර්ධනය 7.9%ක් බව එම වාර්තාව සඳහන් කරයි.

    කොරොනා මර්දන එන්නත් පුළුල් ලෙස භාවිතයට ගැනීම එම වර්ධනයට හේතු වනු ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.

     

    Latest News