බ්‍රිතාන්‍යයේ නව වෛරසය ද.අප්‍රිකාවෙන් සම්ප්‍රේෂණය වූවක්

දෙසැ 25, 2020

    බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් සම්ප්‍රේෂණය වූවක් බව එරට සෞඛ්‍ය ලේකම් මැට් හැංකොක් පවසයි.

    ඉකුත් දෙසතියේ දකුණු අප්‍රිකාවෙන් තම රටට පැමිණි සියලුම සංචාරකයින් හුදෙකලා විය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ. 501 ඩොට් වී ටූ ලෙස හැඳින්වෙන නව කොරෝනා වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ පැවති කොරෝනා වෛරසයේ විකෘතියක් ලෙසයි,සැලකෙන්නේ.

    ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ අවධානමක් පවතින මේ වෛරසය දකුණු අප්‍රිකාවෙන් සම්ප්‍රේෂණය වූ බවට එරට බලධාරීන් දැනටමත් පිළිගෙන තිබේ.

    බ්‍රිතාන්‍ය පුරා ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ‍ප්‍රභේදය අද ප්‍රථම වරට සිංගප්පූරුවෙන් හමුවූ කොරෝනා ආසාදිතයෙකුගෙන් හඳුනාගෙන තිබේ. ඔහු විදෙස් ‍ගතව සිට පැමිණි පුද්ගලයෙක්.

    Last modified on සිකුරාදා, 25 දෙසැම්බර් 2020 09:48

    Latest News