සෞඛ්‍ය නීති මැද වතිකානයේ දේව මෙහෙයත්

දෙසැ 25, 2020

    ලොව පුරා බිලියන 1.3කට අධික කිතුණු ප්‍රජාව නියෝජනය කරමින් ප්‍රධාන දේව මෙහෙය ඊයේ රාත්‍රී පැවැත්විණ. ඒ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ.

    අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. කොරෝනා වෛරස අවදානම හේතුවෙන් මෙවර නත්තල් දේව මෙහෙය පැවැත්වුණේ,ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

    සාමාන්‍යයෙන් රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින් 10,000ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වන නමුත්, මෙවර දේව මෙහෙයට සහභාගී කර ගැනුණේ, සියයකටත් අඩු පිරිසක්.

    පාප් වහන්සේ සහ ඉතා කුඩා ගීතාකා කණ්ඩායම් හැර අනෙක් සියලුදෙනා මුඛ ආවරණ පැළඳ සිටි අතර සියලුම සෞඛ්‍ය නීති අනුගමනය කරමින් මෙම දේව මෙහෙය පැවැත්විණ. ඉතාලියට මේ වන විට පූර්ණ වශයෙන් නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.

    එම නිසා ජනතාවට ශාන්ත පීතර බැසිලිකාවට මෙවර පැමිණීමට අවසරයක් ද නොමැත. නත්තල් දේව මෙහෙයේ දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියේ, නත්තල සැමරීමේ දී දුගී ජනයාට හැකි සෑම අවස්ථාවකම උපකාර කරන ලෙසයි.

    Latest News