දකුණු අප්‍රිකාවේ රත්රන් පතලක වායු කාන්දුවකින් 16ක් ජීවිතක්ෂයට

ජූලි 06, 2023

    දකුණු අප්‍රිකාවේ ජොහැන්නස් බර්ග් හි රත්රන් පතලක සිදු වූ නයිට්‍රේට් ඔක්සයිඩ් වායු කාන්දුවකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මියගිය අය අතර වැඩි පිරිසක් කාන්තාවන් හා කුඩා ළමයින් බවයි.

    ප්‍රදේශයේ නීති විරෝධී රත්රන් කැණීම් පතලක සිදු වූ මෙම වායු කාන්දුවෙන් අනතුරුට පත්ව ඇත්තේ, ඒ අසළ පිහිටි ජනාවාසයක පිරිසක්. නීති විරෝධී රන් පතල්කරුවන් බොහෝ අවස්ථාවල නයිට්‍රේට් ඔක්සයිඩ් වායුව, භාවිත කරන බවයි, වාර්තා වන්නේ. අතහැර දැමූ පතල්වලින් සොරාගන්නා පස් නියැඳිවල රත්රන් නිස්සාරණය කර ගැනීමට මෙම වායුව යොදා ගනු ලබනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙම පතල පිහිටි ස්ථානයේ සිට මීටර 100 ක පමණ අවට දුරකට ගෑස් කාන්දු වීම සිදුව ඇති බවයි. මීට මාස 6 කට පෙර ජොහැන්නස් බර්ග් නගරයේදී ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

    Latest News