ආජන්ටිනාවේ දෙවියන් බඳු මැරඩෝනා..

නොවැ 27, 2020

    පාපන්දු ක්‍රීඩාවෙන් දශක ගණනාවක් ලොවක් වසග කළ ඩියාගෝ මැරඩෝනාගේ අවමංගල්‍යය ඊයේ සිදු කෙරිණ.

    ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හිදී. මැරඩෝනාගේ අභාවය හේතුවෙන් ආජන්ටිනාවේ දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදුවූ අතර ඒ වන විට ඔහු පසුවූයේ 60 වැනි වියේ.

    දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණියේය. එදා මෙදා තුර ලොව ප්‍රමුඛ පාපන්දු ක්‍රීඩකයන් අතර මැරඩෝනාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. බාසිලෝනා සහ නැපෝලි ඇතුළු ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩ කළ ඔහු 1986 ලෝක කුසලාන ජයග්‍රහණය කරන විට ආජන්ටිනා පිලට නායකත්වය ලබා දුන්නේ, එහි අර්ධ අවසන් පූර්ව වටයේදී, එංගලන්තයට එරෙහිව සුප්‍රසිද්ධ හැන්ඩ් ඔෆ් ගෝඩ් ගෝලය ද වාර්තා කරමින්.

    1982 ලෝක කුසලාන තරගාවලියේ දී මැරඩෝනා සමග ක්‍රීඩ කළ හිටපු ටොටන්හැම් මිඩ්ෆීල්ඩර් ආර්ඩිල්ස් ප්‍රකාශ කළේ, මැරඩෝනා ආජන්ටිනාවේ, නේපල්ස්හි සහ ලොව පුරා දෙවියෙකු සේ සැලකිය හැකි බවයි.

    දේහය රැගත් රථ පෙළපාලිය ඊයේ පිටත්ව යන අවස්ථාවේ සුවහසක් ක්‍රීඩා ලෝලීන් මඟ දෙපස රැස්වී ඔහුට සිය අවසන් ගෞරව පුද කළේය. එහිදී, ඇතැම් පිරිස් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් පාලනය සඳහා පොලීසියට කඳුළු ගෑස් හා රබර් උණ්ඩ ප්‍රහාර ද එල්ල කිරීමට ද සිදුවූ බවයි, වාර්තා වන්නේ.

    Last modified on සිකුරාදා, 27 නොවැම්බර් 2020 11:44

    Latest News