ඩියගෝ මැරඩෝනා මිය යයි

නොවැ 26, 2020

    ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක් වන ආජන්ටිනාවේ ඩියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස් තිබේ.

    මේ හේතුවෙන් ආජන්ටිනාවේ ජාතික ශෝඛ දින තුනක් ප්‍රකාශයකට පත්කර ඇති බව වාර්තා වෙයි. ආජන්ටිනාවේ මෙන්ම ලොව පාපන්දු ක්‍රීඩාවේ දක්ෂතම ක්‍රීඩකයෙක් ලෙස මැරඩෝනා ප්‍රසිද්ධිය ලබා සිටියි.

    60 හැවිරිදි මැරඩෝනා මෑතක දී සෞඛ්‍ය ගැටලු කිහිපයක් හේතුවෙන් ශල්‍යකර්මයකට ද භාජනය වී තිබිණ. පසුව, ආජන්ටිනාවේ බුවනෝස් අයරිස් නගරයට ආසන්නයේ පිහිටි ඔහුගේ නිව‍සේ දී හෘදයාබාධයක් හේතුවෙන් මෙලෙස මෙලොවින් සමුගත් බව, ඔහුගේ නීතීඥවරයා ප්‍රකාශයට පත්කර තිබේ. මැරඩෝනා 1986 දී ආජන්ටිනා පාපන්දු කණ්ඩායම සමග ලෝක කුසලානය දිනාගැනීමට ද සමත්විය. එමෙන්ම විවිධ රටවල් සමග පැවති තරගාවලි සියල්ලේදීම ඔහුගේ දක්ෂතාවයන් පෙන්නුම් කර තිබේ.

    ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් වීමත් සමග ආජන්ටිනාවට ලබාදුන් කීර්තිය හේතුවෙන් ආජන්ටිනා ජනාධිපති මෙලෙස දින තුනක් ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 නොවැම්බර් 2020 13:00

    Latest News