සුඩානයේ හිටපු අගමැති සදික් කොවිඩ් නිසා මිය යයි

නොවැ 26, 2020

    සුඩානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වූ සදික් අල් මහඩි කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ.

    වයිරසය ආසාදනය වීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහලක සති තුනක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි,විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    84 හැවිරිදි සදික් අල් මහඩි 1986 වසරේ සිට 1989 වසර දක්වා සුඩාන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.

    හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් 21 දෙනෙක් හටද කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.

    සුඩානයේ කොරෝනා වයිරස් රෝගීන් 17,000 කට ආසන්න සංඛ්‍යාවක් මේවන විට වාර්තා වී ඇත.

    Latest News