අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට (වීඩියෝ)

නොවැ 21, 2020
  • අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට (22) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

    කලක් රෝගාතුරව සිට පසුගියදා අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට බොහෝ පිරිසක් අදත් (21) මහනුවර හුරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහාවිහාරය වෙත පැමිණියේය.

    මේ අතර, උන්වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක ධුරයට නායක ස්වාමීන්වහන්සේ නමක් පත්කර ගැනීමට ද නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 21 නොවැම්බර් 2020 20:27

    Latest News