ඉදිරි සතිය අමෙරිකාවට අවදානම්

නොවැ 30, 2020

    අමෙරිකානු වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුචි පවසන්නේ, ඉදිරි සති කිහිපය තුළ එරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

    එරට නිවාඩු සමයේ දී බොහෝ පිරිස් විවිධ ප්‍රදේශවලට ගමන් කර නැවතත් සිය නිවෙස් බලා පැමිණීම මෙලෙස කොරෝනා ආසාදිතයන් ඉහළ යාමේ අවදානම වැඩි කර තිබේ.
    ඒ හේතුවෙන්, මුව ආවරණ පළඳිමින් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට කටයුතු කළයුතු බවයි,ඇන්තනී ෆවුචි සඳහන් කරන්නේ.

    කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලෙන් වැඩි බලපෑම් එල්ල වී ඇති ඉතාලියේ ඉකුත් පැය 24 තුළ අලුතින් ආසාදිතයන් විසි දහස් 648 දෙනෙක්, බ්‍රිතාන්‍යයෙන් දොළොස් දහස් 155 දෙනෙක් හා ප්‍රංශයෙන් 9784 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි, නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ.

    අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හයකෝටි තිස් ලක්ෂය ඉක්මවා තිබේ. ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව දාහතර ලක්ෂ හැට පන් දහසකට අධිකයි.

    ඉකුත් පැය 24 තුළ අමෙරිකාවේ අලුතින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්ෂ තිස් අට දහස් 188 ‍දෙනෙක්. අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට එක්කෝටි තිස් හත් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඉකුත් පැය 24 තුළ එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 819ක්.

    Last modified on සදුදා, 30 නොවැම්බර් 2020 10:52

    Latest News