ඉතාලියේ ආසාදිතයින් මිලියනය ඉක්මවයි

නොවැ 12, 2020

    ඉතාලියේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ. ඉකුත් සඳුදා සිට,දෛනිකව නව රෝගීන් 35,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම විශේෂත්වයක්. ඉතාලියේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට දස ලක්ෂ විසි අට දහස ඉක්මවා ගොස් ඇත.

    ඔවුන්ගෙන් පන් ලක්ෂ අසූ දහසකට වැඩි පිරිසක් නිවෙස් තුළම නිරෝධායනය වන අයයි. ඔවුන්ගෙන් රෝග ලක්ෂණ නොපෙන්වන අතර,ඇතැම් අය සුළු රෝග ලක්ෂණ සහිත බව ද වාර්තා වෙයි.

    රෝග ලක්ෂණ පෙන්වන විසි නව දහසකට වැඩි පිරිසක් මේ වන විට රෝහල් ගත කර ඇති අතර 3,000කට වැඩි පිරිසක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබයි.

    ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන අමෙරිකාවේ මේ වන විට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි හත් ලක්ෂයකට අධිකයි. එරට දෛනිකව ‍වාර්තා වන ආසාදිතයන් ගණන එක් ලක්ෂ 30,000කට ආසන්නයි.

    ඉන්දියාව තුළ ද 86 ලක්ෂ 84,000කට වැඩි සමස්ත ආසාදිතයන් පිරිසක් වාර්තා වෙයි. ඉන්දියාව ලොව කොරෝනා ආසාදිතයන් වැඩිම දෙවැනි රටයි.

    අද වන විට ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන් කෝටි විසි හතර ලක්ෂයකට අධිකයි. වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය පිරිස දහ තුන් ලක්ෂයකට ආසන්නයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 නොවැම්බර් 2020 11:14

    Latest News