ලොව දීර්ඝතම කාලයක් සේවය කළ අගමැති කලීෆා කුමරු මියයයි

නොවැ 12, 2020

    ලොව දීර්ඝතම කාලයක් සේවය කළ අගමැති ලෙස සැළකෙන බහරේනයේ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මියගොස් තිබේ.

    වයස අවුරුදු 84 ක් වන කලීෆා කුමරු මියයන විට අඅමෙකාවේ රෝහලක ප්‍රථිකාර ලබමින් සිටි බව බහරේන රජය පවසයි.

    1971 වසරේ බහරේනයට නිදහස ලැබීමෙන් පසු බලයට පත්වූ කලීෆා දැඩි මතධාරියෙකු ලෙස සැළකේ.

    ඔහු හමාඩ් රජුගේ මාමා කෙනෙකු වූ අතර, රාජකීය පවුල තුළ ප්‍රබල කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයෙකි.

    කලීෆා කුමරුගේ අභාවය වෙනුවෙන් බහරේනයේ සතියක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    Latest News