වසරකට පසු කොවිඩ් මරණ අවම තත්වයකට....

අප්‍රේ 05, 2022

    කොවිඩ් 19 හේතුවෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව වසරකට ආසන්න කාලයකට පසු අවම තත්වයකට පත්ව තිබෙනවා.

    රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඊයේ කොවිඩ් 19 කිසිදු මරණයක් වාර්තා නොවූ බවයි. පසුගිය වසරේ අප්‍රේල් මස 13 වැනිදා සිට දෛනිකව මෙරටින් කොවිඩ් මරණ වාර්තා වී තිබුණා. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,485ක්.

    ඉකුත් සතිය තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව දහයේ සීමාව පසුකර නොතිබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. කොවිඩ් 19 මරණ ව්‍යාප්ත වීමත් සමග වෛරසය පාලනය සඳහා එන්නත්කරණ වැඩපිලිවෙළ ඉකුත් වසරේ ජනවාරි මස සිට ආරම්භ කෙරුණු අතර,  ජනතාවට පළමු, දෙවන හා බූස්ටර් වශයෙන් මාත්‍රා 03ක් ලබාදීමට පියවර ගනු ලැබුවා. මෙරට ජනගහනයෙන් බහුතරයක් එන්නත් ලබාගැනීමට යොමුවීමත් සමග රටතුළ කොවිඩ් ව්‍යාප්තිය මේ ආකාරයෙන් පාලනය කර ගැනීමට හැකිවූ බවයි, සොඛ්‍ය අංශ පවසන්නේ.

    Latest News