'ට්‍රම්ප් පරාජය පිළිනොගැනීම ලැඡ්ජාවට කරුණක්'..

නොවැ 11, 2020

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ලැජ්ජාවට කරුණක් බව ජෝ බයිඩන් පවසයි. මේ අතර ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් දෙවැනි පරිපාලන කාලයකට සුමට සංක්‍රාන්තියක් සිදුකරනු ඇති බවට,අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පයෝ මතභෝදාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්.

    සීඑන්එන් පුවත්‍ සේවයට අනූව මේ වන විට අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන්ට හිමිව ඇති ඡන්ද විද්‍යාල සංඛ්‍යාව 279ක්.

    ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් හිමිකර ගෙන ඇති ඡන්ද විද්‍යාල සංඛ්‍යාව 214ක් බවයි,වාර්තා වන්නේ. කෙසේ වුවත් ප්‍රාන්ත කිහිපයක ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතියි.

    නමුත්,ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වන ඡන්ද විද්‍යාලය 2570 ප්‍රමාණය මේ වන විටත් බයිඩන් හිමිකරගෙන තිබීම නිසා ඉදිරියේ දී නිකුත් වීමට නියමිත ප්‍රාන්ත ප්‍රතිඵල වලින් අවසන් ප්‍රතිඵලයට බලපෑමක් එල්ලවන්නේ නැහැ. නමුත් රාජ්‍ය ලේකම් මයික් පොම්පයෝ සඳහන් කරන්නේ සියලු ඡන්ද ගණන් කර අවසන් වන තෙක් තම කණ්ඩායම බලාපොරොත්තු අත් නොහරින බවයි.

    ඡන්දයෙන් නව ජනාධිපති ලෙස තේරී පත් ජෝ බයිඩන් මේ වන විටත් විදෙස් නායකයන් සමග සම්බන්ධතා පවත්වමින් සිටින අතර එළඹෙන ජනවාරි 20 වැනිදා ඔහු සිය ධුරයේ නිල වශයෙන් රාජකාරී ආරම්භ කිරීමට සැලමුස් කර තිබේ.

    Last modified on බදාදා, 11 නොවැම්බර් 2020 15:26

    Latest News