බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 50,000 පසුකරයි

නොවැ 12, 2020

    බ්‍රිතාන්‍යයේ කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 50,000 පසුකර තිබේ.

    රජය විසින් නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ මේ වනවිට බ්‍රිතාන්‍යයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 50,365ක් බවයි.

    පසුගිය පැය 24 තුළ පමණක් බ්‍රිතාන්‍යයෙන් මරණ 595ක් සිදුව ඇත.

    ඒ අනුව, යුරෝපයේ මරණ 50,000 වාර්තා කළ ප්‍රථම රට බවට බ්‍රිතාන්‍ය පත්ව තිබේ.

    ඊට පෙර මරණ 50,000 සීමාව පසුකර තිබුණේ අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝවයි.

    Latest News