'කරබාක්' ගැටුම් නිවන්න සාම හමුදාවක්

නොවැ 11, 2020

    රුසියානු සාම සාධක භටයන් අසර්බයිජාන් - ආර්මේනියා ගැටුම්වලට තුඩු දී ඇති නාගොර්නෝ කරබාක් කලාපය වෙත පිටත්ව ගොස් තිබේ. මාසයකට අධික කාලයක් දෙරටේ පවතින යුද ගැටුම් මුළුමණින්ම අවසන් කිරීම අරමුණයි.

    මෙම සාම ක්‍රියාදාමය සඳහා රුසියාව මැදිහත් වී ඇති අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්,අසර්බයිජාන් ජනාධිපතිවරයා හා ආර්මේනියානු අග්‍රාමාත්‍යවරයා අතරයි මෙම ගිවිසුම ඇතිවුණේ.

    ත්‍රෛපාර්ශ්වික සාම ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ,නාගොර්නෝ කරබාක් ප්‍රදේශයට අනියුක්ත කරන සාම සාධක භටයින් එහි සාමය ආරක්ෂා කිරීමට වගකියන බවයි.

    එම කලාය යුද මුක්ත කලාපයක් ලෙස නම් කිරීමට ද තීරණය කර තිබේ. සාම සාධක භටයින් සහ යුද උපකරණ රැගත් රුසියානු ගුවන් යාන 12ක් ‍මේ වන විට පිටත්ව ගොස් තිබේ.

    වසර 5ක කාලයක් සඳහා කලාපයේ අනියුක්ත කෙරෙන රුසියානු සාම සාධක භටයින් සංඛ්‍යාව 1960ක් බවයි,විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

    Last modified on බදාදා, 11 නොවැම්බර් 2020 10:08

    Latest News