ගෝලීය ආසාදිතයින් පන් කෝටි හත් ලක්ෂය ඉක්මවයි

නොවැ 09, 2020

    අද වන විට සමස්ත ගෝලීය කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව පන් කෝටි හත් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    වෛරසය ආසාදනය වී ලොවපුරා මියගොස් ඇති සංඛ්‍යාව දෙළොස් ලක්ෂ හැට එක් දහසකට අධිකයි. මේ අතර ඉකුත් ඔක්තෝබර් මාසය කොරෝනා වෛරස ආසාදනයේ වඩාත් දරුණුතම මාසය බවත් එම මාසයේ ඇති වූ දෙවැනි රැල්ල හේතුවෙන් දින 30ක් ඇතුළත සමත් කොරෝනා රෝගීන් සංඛ්‍යාවට හතරෙන් එකක් එකතු වූ බවත් අනාවරණය වී තිබේ.

    ඉකුත් මාසයේ දී වෛරස ව්‍යාප්තිය වඩාත් වේගවත් වූ බවක් දක්නට ලැබිණ. සමස්ත රෝගීන් සංඛ්‍යාව මිලියන 30 සිට මිලියන 40 දක්වා වැඩිවීමට ගතවී ඇත්තේ, දින 32ක් පමණ වන අතර ඊට තවත්‍ රෝගීන් මිලියන 10ක් එක් වීමට ගතවී ඇති කාලය දින 21ක්.

    Last modified on සදුදා, 09 නොවැම්බර් 2020 10:21

    Latest News