ලොව රටවල් කොරෝනා සමඟ ජීවත්වීමට සූදානම්

සැප් 22, 2021

    ආසියාව ඇතුළු ලොව අනෙකුත් රටවල් කොරෝනා වෛරස ව්‍යාප්ති පාලනයට ක්‍රියාත්මක කළ සැලසුම් වෙනස් කිරීමට පියවර ගනිමින් සිටියි.

    මැලේසියාව,තායිලන්තය සහ වියට්නාමය යන රටවල් වෛරස ආසාදිතයන් ශූන්‍ය මට්ටමක පවත්වා ගැනීමේ ප්‍රතිපත්තිය බැහැර කිරීමටයි, තීරණය කර ඇත්තේ.

    වසා තැබීම වැනි සීමා ඉවත් කර ඒ වෙනුවට වෛරසය සමග ජීවත්වීමේ ක්‍රමවේදයක් ඇති කිරීමට එම රටවල් සැලසුම් කරමින් සිටියි.

    මේ වන විට ඉන්දුනීසියාව,තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් දේශසීමා විවෘත කරමින් රට සාමාන්‍යකරණය කිරීම නිසා එම රටවල ආර්ථිකයන් යළි ශක්තිමත් වෙමින් පවතින බව ද විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 22 සැප්තැම්බර් 2021 11:58

    Latest News