ඊයේ කොරෝනා ආසාදිතයන් 1,263ක්

පෙබ 10, 2022

    ඊයේ (09) දිනයේ නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් 1000 සීමාව ඉක්මවා ගියේය.

    ඒ ඊයේ දිනයේ ආසාදිතයන් 1,263 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වීමත් සමගයි.ඊයේ දේශීයව ආසාදිතයන් 1,263 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි කිසිවෙකු කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා නොවීය.

    මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 623,248 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 593,602 ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 13,954ක් වෙයි. පසුගිය 08 වන දා කොරෝනා මරණ 36 ක් වාර්තා වූ අතර ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,692 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News