අසර්බයිජානය හා ආර්මේනියාව අතර යුද ගැටුම්

සැප් 28, 2020

    මධ්‍යම ආසියානු රටවල් වන අසර්බයිජානය හා ආර්මේනියාව අතර වසර ගණනාවකට පසු නැවතත් යුධ ගැටුම් හටගෙන තිබේ.

    ලොව පැරණිතම ගැටුම්වලින් එකක් ලෙස සැලකෙන අසර්බයිජාන් ආර්මේනියා යුධ ගැටුම් මෙලෙස නැවත ආරම්භ වීමත් සමග හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    දෙරට අතර අතීතයේ පටන් මෙලෙස යුධ ගැටුම් පවතින්නේ නාගොර්නෝ කරභාබ් ප්‍රදේශය මුල් කර ගනිමින්. ප්‍රහාර හේතුවෙන් දෙපාර්ශවයේම සාමාන්‍ය ජනතාව මියගොස් ඇති බවයි, වාර්තා වන්නේ. ආර්මේනියානු රජය පවසන්නේ,තම කලාපයට කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර එල්ල වූ බවයි.

    කෙසේ වුවත්, ඊට ප්‍රතිචාර දක්වමින් අසර්බයිජාන් බලධාරීන් සඳහන් කර ඇත්තේ,තමන්ට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙන් ෂෙල් වෙඩි ප්‍රහාර පමණක් දියත් කළ බවයි.

    Last modified on සදුදා, 28 සැප්තැම්බර් 2020 09:14

    Latest News