අසර්බයිජානයේ දී මියගිය ශිෂ්‍යාවන්ගේ මෘතදේහ රජයේ වියදමින් මෙරටට

ජන 14, 2020

    අසර්බයිජාන්හි දී මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ මෘතදේහ රජයේ වියදමින් මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබේ.

    එම මෘත දේහ හෙට (15) දිනයේ දී මෙරටට රැගෙන ඒමට හැකිවනු ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි. ඒ පිළිබඳ ඉරානයේ ටෙහෙරාන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අසර්බයිජාන් රජය දැනුම් දී ඇති අතර, එම ශිෂ්‍යාවන් තිදෙනාගේ දේහ මෙරටට ගෙන්වා ගැනීම සඳහා ටෙහෙරාන් හි පිහිටි මෙරට තානාපති කාර්යාලය අසර්බයිජාන් රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙන බවද විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

    අසර්බයිජාන්හි බාකු අගනුවර කැස්ෆියන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙරට ශිෂ්‍යාවන් තිදෙනකු විස දුමක් ආඝ්‍රහණය වීමෙන් පසුගිය 9 දා ජිවිත්ක්ෂයට පත් වූ අතර, එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ හටගත් ගින්නකින් පසු එහි දුම ආඝ්‍රහණය වීමෙන් වූ අසාමිකතාවක් මත අදාළ ශිෂ්‍යාවන් තිදෙනා රෝහල් ගතකර ඇති බවද, එහිදී ඔවුන් මියගොස් තිබෙන බවද වාර්තා වෙයි.

    පිලියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි මල්ෂා සංදීපනී (23) හා තාරුකී අමායා (21) සහ කඩුවෙල, පහළ බෝමිරියේ පදිංචි අමෝද්‍යා මධුහංසි (24) සිසුවියන් තිදෙනා මේ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන්ගෙන් දෙදෙනකු එකම පවුලේ සහෝදරියෝ වෙති.

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 07:47

    Latest News