ආමේනියා - අසර්බයිජානයේ ගැටුම් විසඳහන්න රුසියාවෙන් කැමැත්ත

ඔක් 01, 2020

    ආමේනියාය හා අසර්බයිජනය අතර හටගෙන ඇති ගැටුම් සමතයකට පත් කිරීම සඳහා මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කිරීමට රුසියාව කැමැත්ත පළ කර තිබේ. නගෝර්නෝ කරබා ප්‍රදේශයේ පසුගිය ඉරිදා සිට ඇති වූ ගැටුම්වලින් මියගොස් ඇති පිරිස සියයකට අධිකයි.

    රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොෆ් ඊයේ මේ බව සඳහන් කළේ. ඔහු මෙම සටහන් නවතා දමන ලෙස රටවල් දෙකෙන්ම ඉල්ලා සිටින බවයි,විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. දෙරට අතර 1994 වසරේ සටන් විරාම ගිවිසුමක් ඇති කර ගත් පසු හට ගත් දරුණුම ගැටුම් මේ වන විට වාර්තා වෙයි.

    මෙම කලාපය අසර්බයිජානයට අයත් වුවද,එය පාලනය කරනු ලබන්නේ,ආමේනියානුවන් විසින්. පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් මෙම රටවල හටගෙන ඇති මේ ගැටුම් සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්,ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් සමග සාකච්ජා කර තිබේ.

    Latest News