පැය 24ට ඉන්දියාවේ අලුතින් ආසාදිතයින් 82,000ක්

සැප් 28, 2020

    මේ වන විට වෛරසයේ මර්මස්ථානය බවට පත්ව ඇති අසල්වැසි ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 82,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ,එම කාල සීමාව තුල සිදුවු කොරෝනා මරණ සංඛ්‍යාව දහස ඉක්ම වූ පසුබිමකයි.

    ඒ අනූව,ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 95,000 ඉක්මවා ගොස් ඇති අතර,වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව හැට ලක්ෂ 73,000කට අධිකයි.

    ලෝක බලවතා වන අමෙරිකාවේ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 33,782 දෙනාත් සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව හැත්තෑතුන් ලක්ෂය ඉක්මවා ගිහින්. අමෙරිකාවේ මෙතෙක් සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ නව දහසකට අධිකයි.

    Last modified on සදුදා, 28 සැප්තැම්බර් 2020 08:46

    Latest News