ආර්මේනියාවේ ප්‍රහාරක යානයක් බිම හෙළයි

සැප් 30, 2020

    තුර්කි රාජ්‍යයට අයත් ප්‍රහාරක ගුවන් යානයක් මගින් ආර්මේනියාවේ ප්‍රහාරක ගුවන් යානයක් වෙඩි තබා බිම හෙළු බවට ආර්මේනියාව චෝදනා කරයි.

    මෙම සිදුවීමත් සමග අසර්බයිජානය හා ආර්මේනියාවේ ඇතිවූ ගැටම් උත්සන්න වී තිබේ.

    තුර්කිය මේ වන විට අසර්බයිජානයට තම සහයෝගය ලබාදෙන බව ප්‍රකාශයට පත් කර තිබිණ. මෙම ප්‍රකාශයත් සමග ගැටුම් සඳහා අනෙකුත් අසල්වැසි රාජ්‍යයන් එකතුවීමේ ස්වභාවයක් ඇති වී තිබේ.

    නමුත් රුසියාව ඉදිරිපත් වෙමින් මෙම ගැටුම් නිරාකරණය කිරීමට සහයෝගය පළ කර සිටියි. වෙඩි තබා බිම හෙලා ඇති ගුවන් යානයේ ගුවන් නියමුවා මියගොස් ඇති අතර එල්ල කරන ලද චෝදනාව තුර්කිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    Last modified on බදාදා, 30 සැප්තැම්බර් 2020 10:54

    Latest News