අසර්බයිජානයේ දී මියගිය ශිෂ්‍යාවන්ගේ මෘතදේහයන් දිවයිනට

ජන 15, 2020

    අසර්බයිජාන්හිදී ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනාගේ මෘත දේහයන් දිවයිනට රැගෙනවිත් තිබේ.

    අසර්බයිජාන්හි බාකු අගනුවර කැස්ෆියන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙම ශිෂ්‍යාවන් තිදෙනා විස දුමක් ආඝ්‍රහණය වීමෙන් පසුගිය 9 වැනිදා ජිවිත්ක්ෂයට පත්විය.

    එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ හටගත් ගින්නකින් පසු එහි දුම ආඝ්‍රහණය වීමෙන් වූ අසාමිකතාවක් මත අදාළ ශිෂ්‍යාවන් තිදෙනා රෝහල් ගතකර ඇති බවද, එහිදී ඔවුන් මියගොස් තිබෙන බවද වාර්තා විය.

    පිලියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි මල්ෂා සංදීපනී (23) හා තාරුකී අමායා (21) සහ කඩුවෙල, පහළ බෝමිරියේ පදිංචි අමෝද්‍යා මධුහංසි (24) සිසුවියන් තිදෙනා මේ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන්ගෙන් දෙදෙනකු එකම පවුලේ සහෝදරියෝ වෙති. 

    සිද්ධිය සම්බන්ධයෙන් ඉරානයේ, ටෙහෙරාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අසර්බයිජාන් රජය දැනුම් දී ඇති අතර එම ශිෂ්‍යාවන් තිදෙනාගේ දේහ මෙරටට ගෙන්වා ගැනීම සඳහා ටෙහෙරාන් හි පිහිටි මෙරට තානාපති කාර්යාලය අසර්බයිජාන් රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. අනතුරුව මෘතදේහ රජයේ වියදමින් මෙරටට ගෙන්වීමට කටයුතු කළ බවයි, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

    Latest News