පැය 24ට කැනඩාවේ කොවිඩ් මරණ නෑ

සැප් 12, 2020

    කැනඩාව පසුගිය මාර්තු මාසයෙන් පසුව ප්‍රථම වරට කොවිඩ්-19 මරණයක් වාර්තා නොවූ දිනයක් ලෙස ගෙවීගිය පැය 24ක කාලය සනිටුහන් කළ බව එරට මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසයි.

    වසංගතයෙන් කැනඩාවේ මියගිය සංඛ්‍යාව සැප්තැම්බර් 11 වන විට 9,163ක් වූ අතර එය සැප්තැම්බර් 10 වැනිදා වාර්තා වූ මරණ සංඛ්‍යාවට සමාන බව රජයේ දත්ත පෙන්වා දෙයි. කෙසේ වෙතත් වෛරසයට ගොදුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව පෙර දිනට වඩා සැප්තැම්බර් 11 වැනිදා 702කින් ඉහළ ගොස් 135,625ක් දක්වා වැඩිවී ඇති බව දත්ත පෙන්වා දෙයි.

    කැනේඩියානුවන් මුඛ ආවරණ පැළඳීම හා නියමිත සෞඛ්‍ය පුරුදු වෙත යොමුවීම අමෙරිකා එක්සත් ජනපදයට සාපේක්ෂව එරට මරණ හා ආසාදන සැලකිය යුතු ලෙස පහළ අගයක් ගැනීමට හේතුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සෙනසුරාදා, 12 සැප්තැම්බර් 2020 11:50

    Latest News