දෛනික වැඩිම ආසාදිතයින් නැවතත් ඉන්දියාවෙන්

සැප් 12, 2020

    දෛනිකව වාර්තාවන ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නැවතත් ඉන්දියාවෙන් වාර්තා වෙයි.

    ඊයේ දිනයේ දී එරටින් ආසාදිතයන් 97,654ක් සොයා ගැනුණු බව සෞඛ්‍ය අංශය වාර්තා කර තිබේ. මෙතෙක් ලොව වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව මෙයයි. මීට පෙර ඉන්දියාවෙන්ම ලොව වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබුණද, එම සංඛ්‍යාව අභිබවා ඊයේ දිනයේ නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

    ගත වූ පැය 24 තුළ දී ඉන්දියාවේ සිදුවූ නව මරණ සංඛ්‍යාව 1,202ක්. මේ වන විට පුද්ගලයන් 77,000කට වැඩි පිරිසක් වෛරසය හේතුවෙන්, ඉන්දියාව තුළ මියගොස් තිබේ. සමස්ත වශයෙන් 46 ලක්ෂ 57,000කට වැඩි ආසාදිතයන් පිරිසක් වාර්තා වන ඉන්දියාව, ලොව කොරෝනා වසංගත අවදානමේ දෙවැනි රට බවට පත්වෙයි.

    තවමත් වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ, අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 66 ලක්ෂ 36,000 ඉක්මවා ඇතැයි, වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 12 සැප්තැම්බර් 2020 11:32

    Latest News