දකුණු ආසියානු රටවල කොරෝනා ආසාදිතයන් වර්ධනය වීමේ අවදානමක්

සැප් 13, 2020

    අද වනවිට දකුණු ආසියානු කලාපීය රටවල කොරෝනා වෛරස ව්‍යාප්තියේ වැඩි වර්ධනයක් පෙන්නුම් කරයි.

    ඒ අතරින් ඉදිරියෙන්ම ඇත්තේ ඉන්දියාවයි. එරටින්, ඊයේ පමණක් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 94,000ක්. එම කාලසීමාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 1,108ක්. මේ අනුව අද වනවිට ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 47 ලක්‍ෂය ඉක්මවා තිබේ. සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 78,000කට අධිකයි.

    ගෝලීය වශයෙන් මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි 89 ලක්‍ෂයක්. ලොව පුරා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව නව ලක්‍ෂ 24,000 ඉක්මවයි. දකුණු ආසියාතික කලාපයට අයත් රටවල් අතරින් ඉන්දියාවට පසුව ඉකුත් පැය 24 තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ, පිලිපීනයෙන්. ඒ අනුව එරටින් අලුතින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 4,935ක් වන අතර, මරණ 186ක් සිදුවිය.

    අනතුරුව පිළිවෙළින් ඉන්දුනිසියාවේ නව ආසාදිතයින් 3,806ක් ද, බංගලාදේශයෙන් 1,282ක් ද, නේපාලයෙන් 1,202ක් ද පකිස්තානයෙන් 584ක් වශයෙන් ඊයේ දිනයේ දී වාර්තා වී තිබේ.

    Latest News