සියදිවි හානිකර ගත් බොලිවුඩ් නළු සුෂාන්ත් ගේ පෙම්වතිය අත්අඩංගුවට

සැප් 09, 2020

    බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් ගේ සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබේ.

    මරණය පිළිබඳ සිදුකරනු ලබන විමර්ශනවලට අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් දින තුනක ප්‍රශ්න කිරීම්වලින් පසු සුෂාන්ගේ පෙම්වතිය වන බොලිවුඩ් නිළි රීයා චක්‍රබොර්ති එරට මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.

    ජුනි 14 වන දින සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් එරට අපරාධ විමර්ශන අංශ විසින් සිදුකළ පරීක්ෂණයේදී රීයා චක්‍රබොර්ති විත්තිකරුවෙකු ලෙස නම් කරනු ලැබුවා. මිට පෙර මෙම නිළියගේ සහෝදරයා වන ෂොයික් චක්‍රබෝර්තිද මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

    Latest News