ප්‍රංශයේ කොවිඩ් මරණ සංඛ්‍යාව යළි ඉහළට

සැප් 08, 2020

    ප්‍රංශයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ගෙවීගිය දිනයේ පෙර දිනට සාපේක්ෂව 4,203කින් ඉහළ ගොස් තිබේ.

    මේ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 367,095ක් දක්වා වැඩිවී ඇත.

    එමෙන්ම, ගෙවීගිය දිනයේදී තවත් කොවිඩ්-19 මරණ 25ක් ප්‍රංශයෙන් වාර්තා වන අතර මේ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව ද 30,732ක් ලෙස වාර්තා වෙයි.

    ලොව හත්වැනි වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ප්‍රංශයෙන් වන අතර ඉතාලිය,එක්සත් රාජධානිය,මෙක්සිකෝව,ඉන්දියාව,බ්‍රසීලය හා එක්සත් ජනපදය ඉදිරියෙන් පසුවෙයි.

    Latest News