ඉතාලියේ ඊයේ දින කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවක්

සැප් 01, 2020

    ඉතාලියේ ඊයේ (31) පීසීආර් පරීක්ෂණ 58,518ක් සිදුකර කොවිඩ් 19 ආසාදිතයන් 996ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඊයේ දිනයේ දී ඉතාලියේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 6ක්. ඊයේ (31) දිනය වන විට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,483ක් සමස්ත ආසාදිතයන් 2,69,214ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සැප්තැම්බර් 14 වැනිදා ඉතාලියේ නව පාසැල් වර්ෂය ආරම්භ කිරීමට නියමිත නමුත් ආරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් රජය හා පළාත් ආණ්ඩුකාරවරුන් අතර එකඟතාවයක් නොමැති බව මාධ්‍ය වාර්තා කරයි.

    Latest News