අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 06 ඉක්මවයි

සැප් 01, 2020

    අමෙරිකාව තුළ මේ වන විට කොවිඩ් - 19 ආසාදිතයින් මිලියන 06 ඉක්මවා තිබෙන බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි. ඔවුන් පවසන පරිදි වෛරසය ආසාදනය වූවන් අවම වශයෙන් 6,002,615 පමණ වාර්තා වී ඇත.

    මේ අතරට මරණ 183,203 පමණ ප්‍රමාණයක් එක් වී තිබෙන බවද සඳහන්වේ.

    එසේම මේ වන විට ආසාදිතයින් මිලියනය ඉක්මවූ සෙසු රටවල් වන්නේ බ්‍රසීලය (3,862,000 පමණ) සහ ඉන්දියාව (3,621,000 පමණ) ය.

    Latest News