වසර 30 කට පසු ඕස්ට්‍රේලියාව මූල්‍ය අර්බුදයක

සැප් 02, 2020

    ඕස්ට්‍රේලියාව පළමු වතාවට මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටිනවා.

    වසර 30 කට පසු එරට ඇති වූ ප්‍රථම මූල්‍ය අවපාතය මෙයයි.

    පසුගිය මාස තුනට සාපේක්ෂව, අප්‍රේල්‌ සිට ජුනි මස දක්වා කාර්තුවේදී දළ දේශිය නිෂ්පාදනය 7% කින්‌ අඩු වී ඇතැයි, ඔස්ට්‍රේලියානු මහබැංකුව පවසනවා. 2008 අවුරුද්දේ පැවැති ගෝලීය ආර්ථික අවපාතය හමුවේ වුවද, ඔස්ට්‍රේලියාවට තම ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට හැකියාව ලැබුණා. මෙම වසර ආරම්භයේ සිටම ලැව්ගිනි හටගැනීම හා කොරෝනා වෛරසයේ බලපෑම ආර්ථික වෘද්ධියට තදින්ම බලපා තිබෙනවා. පීඩාවට පත්‌ ජනතාව සඳහා ආධාර හා ණය පහසුකම් ලබාදීම සිදු කෙරෙන්නේ, රජයෙන්‌ හා එරට මහ බැංකුවෙනි.

    Latest News